ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළට

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්.