ප්‍රදේශ රැසක ලාෆ්ස් ගෑස් හිඟයක් ?

වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා. 

අලෙවිසැල් හිමිකරුවන් සහ පාරිභෝගිකයින් ද පැවසුවේ, මේ වනවිට වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි. 

මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහ‍න් කළේ ප්‍රදේශ කිහිපයක පවතින මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ යථාවත් කිරීමට පියවර ගන්නා බවයි.