සිය ගමන් මල්ලේ ජීව උණ්ඩයක් සඟවා ගෙන කුවේට්හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙක් තොටුපොළ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඔහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
ඊයේ පෙරවරුවේ කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සැකකරු, යළි ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටත්ව යාමට සූදානම්ව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.