එල්ල වෙන චෝදනා වලට මෛත්‍රීගෙන් පිළිතුරු

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ, එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත් සාවද්‍ය කරුණු වන බවයි.

2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින් එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණි.