ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) ඉරිදා අළුයම රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූමිකම්පාව කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ක් පොලව ගැඹුරින් සිදු වූ බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් කිසිදු හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.