උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර ඇති වැඩසටහනට අනුව උතුරු පළාතේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම සිදුකර තිබෙනවා.
ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී අද පැවති මෙම ඇගයීමේදී 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්, දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරාගෙන සිසුන් 300 දෙනෙකු ඇගයීමට ලක්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කළ බවයි.
මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30ක්.
ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.