ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
මැදපෙරදිග ගැටුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරන්නේ දවස පුරා මෙම තත්ත්වය වර්ධනය විය හැකි බවට ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවයි.
මේ අනුව ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් මෙම තත්ත්වය හමුවේ එල්ල විය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර පසුගිය 20 වනදා රාත්‍රීයේ දී TABA දේශසීමාව හරහා ශ්‍රී ලංකාව වෙත පිටත්වීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායල් වීසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණ ද පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා සහ කාර්ය මණ්ඩලය විසින් ඊජිප්තුවේ ආරක්ෂක හා දේශසීමා කණ්ඩායම් සමග කළ සම්බන්ධීකරණයෙන් පසු ආරක්ෂක හමුදාවේ සහායෙන් ඔවුන් ඊයේ (21) උදෑසන කයිරෝ ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති බව නිමල් බණ්ඩාර මහතා පවසයි.
තානාපතිවරයා සඳහන් කළේ අද (22) උදෑසන කයිරෝ ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව තිබූ බවයි.