ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතෙන් එක්වූ එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන අද (21) සිදුකෙරුණා.
ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොලෙන් පස්වරු 1.48 ට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා එම යානය පිටත්වූ බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.
පසුව එම යානය පස්වරු 02.23 ට මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
පුළුල් බඳ සහිත මෙම එයාර් බස් ගුවන් යානය පසුගිය 4 වනදා ප්‍රංශයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.