පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතිනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි කියා සිටියේ අද දිනයේ තලපත් කිලෝවක තොග මිල රුපියල් 2200 ක් ලෙසත්, කොප්පරා තලපත් කිලෝවක් රුපියල් 2500 කටත් අලෙවි වන බවයි.
එමෙන්ම කෙලවල්ලා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 1500 ක් ලෙස පැවති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.
මේ අතර, සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර කොළඹ දී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් බිත්තර සහ කුකුල් මස් අවශ්‍ය තරම් රට තුළ පවතින බව ප්‍රකාශ කළා.
එමෙන්ම, ඉල්ලුම සහ සැපයුම් මත ඒවායේ මිල ගණන් තීරණය වන බවයි ඔහු කියා සිටියේ.