උතුරු ඉරානයේ මිසයිල බහුල ප්‍රදේශයක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් ඊයේ (20) සිදුව ඇති බව වාර්තා වේ.

උතුරු ඉරානයේ සෙම්නාන් ප්‍රදේශයේ බලගතු භූමිකම්පාවක් ඇති වූ අතර, එය දැනටමත් ආතතීන්ගෙන් පිරී තිබූ කලාපයක් කැළඹීමට හේතු වි ඇති අතර මිසයිල සංකීර්ණයක් සහිත නගරයක් අසල ඇති වූ බැවින් කනස්සල්ලට හේතුවන බවත් භූ විද්‍යාත්මකව සහ දේශපාලනික වශයෙන් මෙම ප්‍රදේශය අස්ථාවර ලෙස පවතින බවත්ය.

ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම හේතුවෙන් දැනටමත් දැඩි ආතතීන් අත්විඳින ප්‍රදේශයක් වන උතුරු ඉරානයේ සෙම්නාන් අසල ඇති වූ භූමිකම්පාව සෙම්නාන් සිට කිලෝමීටර් 35 ක් නිරිත දෙසින් සිදු ව ඇති අතර තවම හානියක් වාර්තා නොවූවත්, මෙම සිදුවීම ඉරානයේ භූ කම්පන ක්‍රියාකාරකම් වලට ඇති අවදානම ඉස්මතු කරන බව පැවසේ.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.