බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත අසත්‍යක් බව පොලීසිය පවසනවා.
මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අද (21) උදෑසන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක දක්වා තිබුණේ, බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් නැතහොත් අවුරුදු 2 ක සිර දඬුවමක් විඳීමට සිදුවන බවයි.