පසුගිය මාස 06 තුළ රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

ඒ අනුව මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙලෙස මාර්ග අනතුරු සිදුවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙය ඉත‍ා ව්‍යවසනකාරී තත්ත්වයක් බවද ඔහු තවදුර‍ටත් පවසා සිටියා.

මේ අතර, වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි 01 වැනිදා සිට අනිවාර්යෛන්ම ඉවත් කරන බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.