වර්ෂ 2022, 2023 සහ 2024 දී මෙරටට ආනයනය කළ මැණික් කිලෝග්‍රෑම් 45,000ක නිශ්චිත තොරතුරු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය සතුව නැතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.
කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි II පියවර යටතේ කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එම වර්ෂවල මැණික් කිලෝ ග්‍රෑම් 46,815ක් මෙරටට ආනයනය කර ඇති බවත් ඊට රුපියල් මිලියන 2091ක් වැය වී ඇති බවත් කී ඇමැතිවරයා සියලු බදු සහ වියදම් ගත් විට ඒ වෙනුවෙන් වැය කළ මුළු මුදල රුපියල් මිලියන 22,523ක් බවත් කීවේය.
මේ මැණික්වලට අගය එකතු කර නැවත මැණික් හා ස්වර්ණාභරණය අධිකාරිය හරහා ප්‍රති අපනයක කර ඇත්තේ සියය 3.55ක් එනම් කිලෝ 1664ක් පමණි. ආනයනික ඉතිරි මැණික් ප්‍රමාණය 45,000 ක් වන අතර ඒවාට සිදු වූයේ කුමක් දැයි නිශ්චිත තොරතුරු නැතැයි ද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“අපිට නීති නිලධාරීන් ඉන්නේ ඉතාම සීමිත පිරිසක්. මේ වන විට විධිමත් වැඩපිළිවෙළක් අපි කරගෙන යනවා. මැණික් කර්මාන්තය අපනයන ආදායම උපදවන පළමු කර්මාන්තය බවට පත්කරන්න පුළුවන්. ඩොලර් මිලියන 388ක ආදායම මේ වර්ෂය අවසන් වන විට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් කරා යන්න තමය් අපි අපේක්ෂා කරන්නේ. කොළඹ වරාය නගරයේ ප්රදර්ශනාගාරයක් අපිට තිබෙනවා. පසුගිය කාලයේ රාජ්‍ය ආයතන බංකොලොත් කළා. ජාවාරම් කළා. වැරැදි කළ පුද්ගලයන් ගැන අද කිසිවකු කතා කළේ නැහැ. අපි දේශපාලනය කරමු. මේ ඉතිහාසය නිවැරැදි කරමු. නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් නිරීක්ෂණ මට්ටමින් හරි ගේන්න. ඒක මේ පරීක්ෂණවලට විශාල බලපෑමක් වෙනවා.Ó යැයි පැවසීය.