බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් විරෝධතාවක

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අද (20) දිනයේත් එහි වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර ද රැඳවියන් පිරිසක් සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා.