අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුණ්‍ය භූමියේදී අසදෘශ මහා පින්කම් මාලාවක් හෙට (21) සවස 3 සිට රාත්‍රි 10 දක්වා පැවැත්වේ. රුවන්වැලි මහා සෑ අධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ “වැවයි දාගැබයි ගමයි පන්සලයි එළිය කළ මිණිපහන ඔබයි” සංකල්පයේ නිර්මාතෘ ජානක සී. සේනාධිපති මහතාගේ මෙහෙයවීම අනුව මෙම පින්කම පැවැත්වේ.
පාන වර්ග 108ක පූජාව, කප්රුක් 100ක පින්කම, පසුදා උදෑසන සියක් නමක් මහා සංඝරත්නයට දානමය පින්කම යනාදිය ඇතුළත්ව ලෝක සාමය අරමුණු කරමින් මෙම මහා පින්කම පවත්වයි.