පාර්ලිමේන්තුව අද (20) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2429/39 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළකර ඇති මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය සහ අංක 2434/12 සහ අංක 2435/02 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළකර ඇති ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.