සෑම තැනකම බූවල්ලෙක් මෙන් අඬු විහිදුවාගෙන ඇති පැරණි දේශපාලනය නව පරිවර්තනයකට ලක් කරන්නේ කෙසේදැයි වන අභියෝගය ආණ්ඩුව හමුවේ ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ගමන් කරමින් තිබූ දේශපාලනය, තීරණාත්මක පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත්, පැරණි දේශපාලනය හරහා දීර්ඝ කාලයක් බලය හෙබවීම හේතුවෙන්, එම බලය විසින් නතු කරගත් ආයතන ව්‍යුහයන් රාශියක් ඇති බවයි අද (18) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
තවමත් එම බූවල්ලාගේ අඬු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකි වී ඇති බව තමන් පිළිගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියා.
ආණ්ඩුව විසින් බලය ලබා ගැනීම යන කාරණය නිසා ආර්ථිකයට සමීප සංවිධාන, ආයතන, පුද්ගලයින් හා ක්ෂේත්රවල යම් තැති ගැන්මක් ඇතිවූ බවද, විකෘති කරන ලද අදහස් ගොඩනගා තිබුණු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අත්පත් කර ගන්නා ලද දේශපාලන පරිවර්තනය ස්ථාවර කර ගැනීමට නම් මෙම අභියෝගයට මුහුණ දී එය සමනය කරගත යුතු බවත්, එසේ නොමැතිව දිගු කාලීන ආණ්ඩුකරණයට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය නොවන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.