කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා

ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔවුන් එහි පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අය අයට ඔවුන්ගේ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණා.