අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්රා කළ මගී ප්රවාහන නෞකාව නැවතත් සිය ප්රවාහන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 13 වැනිදා සිට එම මගී ප්රවාහන සේවාව නවතා දැමීමට පියවර ගෙන තිබුණා.
2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ‘සුබම්’ සමාගමට අයත් ‘සිවගංගෙයි’ නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්රවාහන කටයුතු කරනවා