ඇහැ­ලි­ය­ගො­ඩදී ලංගම බස් රියක් කන්ටේ­න­ර­යක ගැටී 23කට තුවාල

රත්න­පුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැ­ලි­ය­ගොඩ, මින්නාන මංස­න්ධිය ආස­න්න­යේදී ඊයේ (18) දහ­වල් ලංගම බස් රථ­යක් සහ කන්‍ටේ­නර් රථ­යක් මුහු­ණට මුහුණ ගැටී­මෙන්  23 දෙනකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි ඇහැ­ලි­ය­ගොඩ පොලී­සිය පව­සයි.

වංගු­වක් සහිත ස්ථාන­ය­කදී ලංගම බස් රථ­යක් සහ කන්ටේ­නර් ලොරි රථ­යක් මෙලෙස මුහු­ණට මුහුණ ගැටී­මෙන් මේ අන­තුර සිදුව ඇති බවත්, බස් රථයේ රියැ­දුරා සහ එහි ගමන් කළ පිරිස මෙසේ තුවාල ලබා රෝහ­ල්ගත කර ඇති බවත් පොලී­සිය සඳ­හන් කරයි.

බස් රථය රත්න­පුර දෙසින් ද ලොරිය අවි­ස්සා­වේල්ල දෙසින් ද ධාව­නය වී තිබී ඇතැයි ද පොලී­සිය පව­සයි.

අන­තු­රින් තුවාල ලබා ඇහැ­ලි­ය­ගොඩ රෝහ­ලට ඇතු­ළත් කළ මගීන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කරයි. ඒ අය­ගෙන් දෙදෙ­නකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා රත්න­පුර රෝහ­ලට මාරු කර යවා තිබුණි.

මේ අන­තුරු හේතු­වෙන් පැයක පමණ කාල­යක් කොළඹ රත්න­පුර මාර්ගයේ ගම­නා­ග­ම­න­යට බාධා සිදු විය.