ආණ්ඩුව විසින් තමන්ගේ උපරිම බලය භාවිතා කර, රාජ්‍ය නිලධාරීන් භාවිතා කරමින්, මර්දනය දියත් කරමින්, තමන්ගේ බලය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එසේම අනෙක් අතට, තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් මර්දනය ද සිදු කරන බවයි අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුව සිදුකරන දේවල් අසාර්ථක වන විට එයට විරුද්ධව කතා කරන මන්ත්‍රීවරුන්ට පහරදීමට උත්සාහ කරන බවද, ඒ අනුව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියකට ජාතික ජන බලවේගයේ පක්ෂයේම පුද්ගලයෙක් පහර දී ඇති බවද ඔහු පවසනවා.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ කාන්තා හිංසනයට එරෙහිව, කාන්තාවන්ට නිසි තැන ලබාදෙන බවට පවසමින් බවත්, මෙම පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, ආණ්ඩුව කියන ‘කයිවාරු’ ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව බලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.