සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කර තිබෙනවා.
අදාළ සිසුවා බරපතල නවක වධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි නීතීඥ සංගමය ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලය, එහි උප කුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.