රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 18ක් තුවාල ලබයි

අද (18) උදෑසන රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදී බස් රථයක් සහ බහාලුම් රථයක් (container) එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදු කරනවා.