මිලි­යන 10ක ඉරාන ජන­තා­වට ට්‍රම්ප් අන­තුරු අඟ­වයි

ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන ලෙස මිලි­යන 10කට ආසන්න වැසි­යන්ට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනා­ධී­ප­ති­ව­රයා මේ අන­තුරු ඇඟ­වීම සිදු­කර ඇත්තේ ඊශ්‍රා­යල හමු­දාව ඉරා­නයේ ජාතික රූප­වා­හිනී මාධ්‍ය­ස්ථා­න­යට පහ­ර­දී­මෙන් මොහො­ත­කට පසුව බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඊශ්‍රා­යල- ඉරාන යුද ගැටුම් සම්බ­න්ධව ඉදිරි පිය­වර ගැනීම සඳහා ඔහු මේ වන­විට කැන­ඩාවේ පැවැ­ත්වෙන ‘ජී7‘ රාජ්‍ය ­නා­ය­කයන්ගේ සමු­ළු­වෙන් ඉවත්වී ආපසු අමෙ­රි­කාව බලා ගිය බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ජී7 සමු­ළු­වෙන් ඉව­ත්වී­මට පෙර සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳ­හන් කර ඇත්තේ අමෙ­රි­කාව සමඟ න්‍යෂ්ටික ගිවි­සු­මට අත්සන් කිරී­මට කළ ඉල්ලීම ප්‍රති­ක්ෂේප කිරී­මෙන් ඉරාන නාය­කයා සිය ජන­තා­වගේ ජීවිත අව­දා­න­මට දැමූ බවය. ඉරාන යුද අර්බු­ද­යට අවශ්‍ය වන්නේ සටන් විරා­ම­ය­කට වඩා ඔබ්බට ගිය විස­ඳු­මක් බව අමෙ­රි­කාව බලා යෑමට සිය නිල ගුව­න්යා­න­යට ගොඩ වදි­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.