රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණයේ විනි­වි­ද­භා­වය IMF නි: කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රි­යගේ ඇග­යු­මට

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කරන ලද විනි­වි­ද­භා­වය සහ ක්‍රියා­ශීලි ප්‍රවේ­ශය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රථම නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රග­තිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­ර්ජී­ව­නය කෙරෙහි ජාත්‍ය­න්තර විශ්වා­සය ශක්ති­මත් කර ඇති බවද ගෝපි­නාත් මහ­ත්මිය සඳ­හන් කළාය.

අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රථම නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය අතර අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පෙරේදා (16) පැවැති සාක­ච්ඡා­වේදී ඇය මේ බව සඳ­හන් කළාය.

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘ­තිය කරා ගමන් කරන බැවින් ජාත්‍ය­න්තර හවු­ල්ක­රු­වන් සමඟ සමී­පව කට­යුතු කිරී­මට රජය ගන්නා ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව මෙහිදී ආචාර්ය ගෝපි­නාත් මහ­ත්මි­යගේ අව­ධා­නය යොමු විය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ රාමුව, ශ්‍රී ලංකාව හා සමාන මූල්‍ය මෙන්ම ව්‍යුහා­ත්මක අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන අනෙ­කුත් ජාතීන්ට මඟ පෙන්විය හැකි ව්‍යුහ­ගත ආකෘ­ති­යක් ලෙස වර්ධ­නය වන බව ද ඇය මෙහිදී අව­ධා­ර­ණය කළාය.

වැඩි විදේශ ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගැනීම, බල­ශක්ති වැනි උපා­ය­මා­ර්ගික ක්ෂේත්‍ර­වල තිර­සර හා මහා පරි­මාණ සංව­ර්ධ­න­යන්ගේ දීර්ඝ­කා­ලීන පැවැ­ත්මට තීර­ණා­ත්මක වන බැවින් ඒ පිළි­බඳ දෙපා­ර්ශ්වය පුළුල් ලෙස සාකච්ඡා කළේය.

පාල­නය වැඩි දියුණු කිරීම, ආය­තන ශක්ති­මත් කිරීම සහ රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­ර­ණයේ සියලු මට්ට­ම්වල විනි­වි­ද­භා­වය ප්‍රව­ර්ධ­නය කිරීම පරි­පා­ල­නයේ ප්‍රමු­ඛතා ලෙස පව­තින බවත්, සියලු ආර්ථික ප්‍රකෘ­ති­මත් කිරීමේ පිය­වර සමස්ත රටම ආව­ර­ණය වන පරිදි කිරී­මත්, ජන­තා­වගේ සුබ­සා­ධ­නය කේන්ද්‍ර කර­ගෙන ක්‍රියා­ත්මක කිරී­ම­ටත් රජය කැපවී කට­යුතු කරන බව අග­මැ­ති­නිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ සමාජ ආර­ක්ෂණ යන්ත්‍ර­ණය ශක්ති­මත් කිරීමේ අව­ශ්‍ය­තාව සහ මතු­වන අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මට ශ්‍රම බළ­කාය වඩා හොඳින් සන්නද්ධ කිරීම පිණිස අධ්‍යා­පන අංශයේ ප්‍රති­සං­ස්ක­රණ වේග­වත් කිරීම පිළි­බ­ඳ­වද මේ හමු­වේදී අව­ධා­නය යොමු විය.

සමාජ සාධා­ර­ණ­ත්වය ඉදි­රි­යට ගෙන යෑමට සහ තිර­සර සංව­ර්ධන ඉලක්ක සපුරා ගැනී­මට අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ අත්‍ය­වශ්‍ය බවද අග­මැ­ති­නිය පැවැ­සු­වාය.

ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හ­නට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ අඛණ්ඩ සහ­යෝ­ගය ලබා දෙන බව සහ­තික කළ අතර, රටට සාර්ව ආර්ථික ස්ථාව­ර­ත්වය පවත්වා ගැනී­මට සහ දිගු­කා­ලීන ආර්ථික වර්ධ­නය ශක්ති­මත් කිරී­මට අවශ්‍ය තාක්ෂ­ණික හා මූල්‍ය සහාය ලබා­දී­මට සූදා­නම් බවද ආචාර්ය ගෝපි­නාත් මහ­ත්මිය අව­ධා­ර­ණය කළාය.

ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නිල­ධා­රීන් වන ආචාර්ය මාටින් කෝෆ්මන් (උප­දේ­ශක), ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනි­වා­සන්, ආචාර්ය පීටර් බුවර්, අග්‍රා­මාත්‍ය ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ, අග්‍රා­මාත්‍ය අති­රේක ලේකම් සාග­රිකා බෝග­හ­වත්ත, විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ ආර්ථික කට­යුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජන­රාල් ධර්ෂණ එම්. පෙරේරා මහත්ම මහ­ත්මීන් ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

නුවන් කොඩි­කාර