පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක් යතුරු පැදියක ගැටී මරුට

ත්‍රිකුණාමලය – අඹේපුස්ස මාර්ගයේ ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රම්කුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීම නිසා අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් පසු පදිකයා බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 56ක් වූ චම්පාලෙන්, ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 19 ක් වයසැති යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, උප්පුවේලි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.