පළාත් පාලන ඡන්දයෙන් තේරීපත් වූ මුළු සභිකයින් 8795 දෙනාගෙන් තවත් 223 දෙනෙකුගේ නම් ගැසට් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදී තේරීපත් වූ ඇතැම් සභිකයන්ගේ නම් තවමත් ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් මැතිවරණ කොමිසම වෙත මෙතෙක් ලබා දී නොමැති බවයි ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.