කාසියේ වාසිය බංගලාදේශයට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17) ආරම්භ වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා තිබේ.

2025 – 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත්ය.

දෙරට අතර ගාල්ලේදී අද ආරම්භවන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයයි.