2025 Club World Cup තරගාවලිය ආරම්භ වෙයි

2025 ලෝක කුසලාන පාපන්දු සමාජ තරගාවලිය හෙවත් 2025 Club World Cup තරගාවලිය ආරම්භවී තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලිය එක්සත් ජනපදයේදී පැවැත්වෙන අතර සෑම වසර හතරකට වරක් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 32 ක් තරගවදින අතර ආසියාව (AFC), අප්‍රිකාව (CAF), උතුරු සහ මධ්‍යම ඇමරිකාව (Concacaf), දකුණු ඇමරිකාව (Conmebol), ඕෂනියා (OFC) සහ යුරෝපය (UEFA) නියෝජනය කරමින් කණ්ඩායම් එක්වනවා.

තරගාවලියේ අවසන් මහා තරගය ජුලි 14 වනදා පැවැත්වීමට නියමිතයි.