සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් පිටව යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (17) උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කතානායකවරයා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

අද උදෑසන පාර්ලිමේන්තුව ඇමතූ ෂානක්කියන් රාසමාණික්කම්ද සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුවන් මෙලෙස පිටව යාමට හේතුව ආණ්ඩුවේ ක්‍රියා කලාපය බවයි.