දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (17) දිනයේත් පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ මෙම පරීක්ෂණ කමිටුවට ඊයේ (16) දිනයේදී තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් සාක්ෂි ලබා දී තිබෙනවා.
පසුගිය 11 වැනිදා සාක්ෂි ලබාදීම අවසන් කිරීමට නොහැකි වූ සාක්ෂිකරුවෙකු ද ඊයේ පැමිණි අතර, ඔහුගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර, පසුව එම සාක්ෂිකරුවන් තිදෙනාගෙන් සාක්ෂි ලබාගැනීම සිදුකර තිබෙනවා.
මෙහිදී පරීක්ෂණ කමිටුව විසින් ද, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා විසින් ද, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්රම විසින් ද සාක්ෂිකරුවන් ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.