නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත වී සිටි 40 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 21,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 105ක් සඟවා තබාගෙන තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.