දේශබන්දු තෙන්නකෝන් අද සිට දිනපතා පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවයි

දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, විමර්ශන අවසන් වන තුරු එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් අදත් පෙරවරු 9.30 ට කමිටුව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වූ අතර, එහිදී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගනු ලැබුවා.