ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම්, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් පසුව පොලීසිය විසින් නීතිපති උපදෙස් මත ඉදිරි ක්රියාමාර්ග ගනු ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
ඡන්දයෙන් තේරීපත්වූ සභිකයින් 223කගේ නම් ද මෙතෙක් කොමිසමට ලැබී නොමැති බව සභාපතිවරයා පවසනවා.
පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වූ 7690 දෙනෙකු ආදායම් හා වියදම් වාර්තා ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.