සෞදි අරාබියට පැමිණ හජ් වන්දනාවේ යෙදී සිටිය දී පාකිස්ථාන වන්දනාකරුවන් 18 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
පාකිස්ථාන මාධ්‍ය වාර්තා අනුව මියගිය පුද්ගලයින් අතර පිරිමින් 10 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු වන බවයි දැක්වෙන්නේ.
මියගිය සියලු පුද්ගලයින් වැඩිහිටියන් වන අතර ඔවුන් මිය යාමට හේතු ලෙස හෘදයාබාධ සහ වෙනත් සෞඛ්‍ය ගැටලු පෙන්වා දී තිබෙනවා.
මියගිය සියලුම වන්දනාකරුවන් ජන්නතුල් බකි හි භූමදාන කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මෙවර හජ් වන්දනාව සඳහා රටවල් 171කින් ජාත්‍යන්තර වන්දනාකරුවන් 1,506,576ක් ඇතුළුව ලොව පුරා වන්දනාකරුවන් 1,673,230ක පිරිසක් සෞදියට පැමිණ තිබුණා.