මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.
ඒ යටතේ ඊයේ (15) දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.
එහිදී හෙරොයින් ග්‍රෑම් 241 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 590 ක්, ගංජා කිලෝග්‍රෑම් 192 ක් හා මත්පෙති 1324 ක් එම සැකකරුවන් ළඟ තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකරුවන් අද (16) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
