ජනපති හා IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) සිදුවුණා.

ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට කැපවන බව ජනාධිපතිවරයා ‍එහිදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමටත්, රජයේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අඛණ්ඩ සහාය ලබා දෙන බව ආචාර්ය ගීතා ගෝපිනාත් ඇතුළු නියෝජිත පිරිස එහිදී සහතික වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.