ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුනා.
* ඊශ්‍රායලය සහ ඉරානය අතර මාරාන්තික ප්‍රහාර ඊයේ (15) රාත්‍රිය පුරාවට පැවතුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
* බටහිර සහ මධ්‍යම ඉරානයේ මිසයිල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙන අතර ප්‍රහාරවලින් පුද්ගලයින් 4 ක් මියගොස් තිබෙනවා.
* ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඉරිදා ද පැවසුවේ ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානයේ හමුදා ඉලක්කවලට පහර දී විනාශ කළ බවයි.
* ඉරාන අගනුවර විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ද පහර දුන් බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබ්සාදේ ඉරිදා ප්‍රකාශ කළ අතර, කිහිප දෙනෙකු තුවාල ලබා තිබුණා.
* ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල ජාතිකයන් විසින් කරන ලද සැලැස්මක් එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ප්‍රකාශකයා එවැනි සැලැස්මක් පිළිබඳ වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
* ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස්, 380 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
* ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ඉරිදා රාත්‍රියේ ඉරාන ප්‍රහාරය අතරතුර උතුරු ඊශ්‍රායල නගරයක් වන හයිෆා හි ගොඩනැගිල්ලක සහ දකුණු ඊශ්‍රායල ප්‍රජාවේ සැව්ඩියෙල් ප්‍රදේශයට ප්‍රහාර එල්ල වී තිබෙනවා.
* සිකුරාදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් රට පුරා පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
* ටෙහෙරාන් අගනුවරින් එරට මිනිසුන් පිටව යෑමර උත්සාහ කිරීමත් සමඟ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
* ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානියා ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.
* මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර ගිවිසුමකට එළඹිය හැකි යැයි තමන් බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
* සති අන්තයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම උත්සන්න වීමෙන් 2% කින් පමණ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.