මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශ මත, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්රෑන්ක් ගුණවර්ධන මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබුණු නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.