පානදුර දී Facebook සාදයක් වට‍ලා ගංජා සහ හෑෂ් සමග 26 ක් අත්අඩංගුවට

Facebook සාදයක් වටලා එහි සිටි 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අද (14) අලුයම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මෙම සාදය සංවිධානය කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 28 අතර වයස්වල පසුවන බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

අළුබෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.