ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (15) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු පළාතේත්, අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. 

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්. 

තද සුළංවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.