තල ගොවීන් සාධාරණ මිලක් ඉල්ලයි

සිය නිෂ්පාදන සඳහා මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව තල වගාකරන ගොවීන් පවසනවා. 

මේ වනවිට වෙළඳපොලේ තල කිලෝවක් රුපියල් 250 ත් 300ත් අතර මිලකට අලෙවි වනවා. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තල වගාකරන ගොවීන් පවසන්නේ දැනට පවතින මිල මත ඔවුන්ට ආර්ථික පාඩු සිදුවන බවයි.