මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

අද අලුයම (15) වැල්වැටිතුරය, පොලිකණ්ඩි වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් (පාර්සල් 98) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඉදිරි පරීක්ෂණ කටයුතු වැල්වැටිතුරය පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබයි.