බොරතෙල් මිළ තවත් නගී

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය 0.18%ක ඉහළයාමක්.

එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.23 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එය ප්‍රතිශතයක් ලෙස 2.84%ක්.