ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 ක් මරුට

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර ඔවුන් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අය බවයි සඳහන් වෙන්නේ.

අනතුරට හේතුව මෙතෙක් හඳු‍නාගෙන නොමැති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වනවා.