ශ්‍රීපාදයට යන මාර්ගයක් වසා තැබීම ගැන දැනුම්දීමක්

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන් ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම මාර්ගයේ ඇති පාලමක් ගිලා බැසීමේ අවදානමක් ඇති අතර, ඒ සඳහා නව පාලමක් ඉදිකිරිමට මාර්ගය වසා තබන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (14) සිට ජුනි 24 වැනිදා දක්වා දින 10ක කාලයක් එම මාර්ගය වසා තැබීමට නියමිතයි.

මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ දෙස සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල – පොල්පිටිය – ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය හෝ හැටන් – නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා.