ලක්ෂ 35ක අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් අත්අඩංගුවට

අස්වැසුම ප්‍රතිලාභ මුදල් වංචා කළ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකරණ සේවා නිලධාරිනියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාරිය විසින් රුපියල් 3,580,000 ක අස්වැසුම මුදල් වංචා කර ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.