ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලුම සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි 21 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට ආරම්භ කළ අතර, එය ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවා ද මේ අයුරින් විමධ්‍යගත කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබාදෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.
