කුළි පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ කඩවත – මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 30 සහ 36 යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි අනුරාධපුර පොලිස් වසමේදී වෑන් රථයක් කුළී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 104 ක මුදලකට සහ බොරැල්ල පොලිස් වසමේදී මෝටර් රථයක් කුළී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 90 කට විකුණූ බවට තොරතුරු අනාවරණය වී තිබුණා.
එමෙන්ම පානදුර පොලිස් වසමේදී මෝටර් රථයක් කුළී පදනම මත ලබාගෙන එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර රුපියල් ලක්ෂ 58 ක මුදලකට විකිණීම, මොරගහහේන සහ වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී මෝටර් රථ 2 ක් කුළී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 50 කට සහ 42 කට මොවුන් විසින් විකුණා ඇති බවට ද හෙළිවුණා.