ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් වනවා. 

ඒ අනුව, අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රධායික අපනයනයන්ගෙන් ඔබ්බට ගොස් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ද සාකච්ඡා පවත්වා ඇති බවයි මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ. 

වෙළඳපොළ ප්‍රවේශ සහ උපාය මාර්ගික මුලපිරීම් හරහා ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශවයම මේ වන විට එකඟ වී තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතරින් ශ්‍රී ලංකාව සමග විශාලතම භාණ්ඩ අපනයන සබදතා පවත්වාගෙන යන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.